ඇත්තටම මේ ක මට හිතුනෙ වීදුරු ගෙවල්............ බ්ගේ තිබිච්ච එක පෝස්ට් එකක් (ඇයි කෙල්ලෝ මෙහෙම කරන්නේ :'( .....(මේ දැන් වුන ඇත්තම ඇත්ත කතාවක්) පෝස්ට් එක මෙතැනින් කියවන්න.) කියෙව්වම. ඇත්තටම කියනව නම් මගේ හිතේ හැටියට මට පූසගෙ යාළුව ගැන බොහොම දුකයි. ආදරය කියන්නෙ බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ හැඟීමක්. ඇත්තටම කියනව නම් හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ. කෙල්ල වැඩේ අතෑරියොත් කොල්ල ඉවරයි. ඒ වගේම කොල්ල අතෑරියොත් කෙල්ල ඉවරයි.
ඒත් තව සමහර පොරවල් ඉන්නව අර නැව ගිලුනත් බෑන්ඩ් චූන්. ඇත්තටම ඒ වගේ ඉන්න එක නම් හොඳයි. ඒත් පොඩි කොස්සක් තියෙනව! ඒ තමයි උන්ට ආදරේ හරියට තේරෙනවද කියල දන්නෙ දෙයියො තමයි. හැබැයි බූට් එකකදි හොඳටම මූණ දෙන්නෙ නම් මේ කොට්ටාෂයෙ කට්ටිය තමයි.
බූට් වැදිච්ච උන් කොච්චර හිටියත් අපි කවදාවත් බූට් වලට හේතු මොනවද කියල නිකමටවත් හිතනවද? නෑ නෙ! ඕක තමයි ලොකුම අවුල. තව දෙයක් අමතක වුනා. එක අතකට බූට් එකක් වදින එක හොඳයි. මොකද ඔක්කොම අමතක කරල එක වහලක් යටට ආවට පස්සෙ එහෙම දෙන්න ගැලපෙන්නෙ නෑ කියල මොකද වෙන්නෙ? සෙනෙහසේ නවාතැන යකාගෙ නවාතැනක් වෙනවමයි. ඒකයි බූට් එක වැඩිය හොඳයි කිවුවෙ. දෙන්න කොච්චර ආදරෙන් හිටියත් අර මොකක්ද අන්නෝන්‍ය අවබෝදෙ(දෙන්න හොඳම දෙන්න ගැන දැනගන්න එක) කියන එක නැත්නං ඉතින් වැඩක් වෙන්නෙ නෑ. එහෙම වුනාම තමයි ඔය කියන්නෙ කලින් දන්නව නම් ...... කියල ඔය කියන්නෙ.
කොහොම හරි මට කියන්න නම් තියෙන්නෙ බඳින්න ඉස්සෙල්ල අනිත් කෙනාව හොඳට අධ්‍යයනය කරන්න. ගොඩක් වෙලාවට තමන් ඉදිරියෙ ඉන්න කෙනාගෙ ඇතුලාන්තය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ආදරයෙන් අන්ධ වුනොත් අපිට ගොඩක් දේවල් මඟහැරිල තමන්ගෙ ආදර වන්තයගෙ හරි වන්තියගෙ හොඳ විතරක් දකීවි. ඒ අන්ධ බව ජීවිත කාලෙම තියා ගත්තොත් නම් හරි.(කරුමෙට එහෙම කරන්න හරි අමාරුයි). ඒක නිසා ආදරයටත් සිමාවක් තියා ගන්න. (ඒක හැබැයි අහස කර ගන්න එපා.)
හොඳට හඳුනනව නම් ඒ දෙන්න වෙන් කරන්න බොහොම අමාරුයි. ඔය සංසාරික බැඳුම් කියල කියන්නෙත් ඒවටම තමා.(සමහර විට ඉස්සෙල්ල ආත්මෙ ඉඳන් අඳුරන නිසාද දන්නෙත් නෑ.) ඔයාලත් සුන්දර සංසාරික ආදරයක් ලැබේවා.
මේක ගැන ඔයාලට හිතෙන දේවල් Comment කරන්න ඒක මගේ මීළඟ ලිපිය ලියද්දි බොහොම උපකාරී වේවි. ස්තූතියි...
ආදරය ගැන කථා මට හිතෙන හැටි.
ආදරයේ සොඳුරු නවාතැන...
Sunday, January 16, 2011
Saturday, January 15, 2011
සුන්දරත්වය
ආදරේ කියන්නෙ බොහොම සුන්දර අත්දැකීමක්නෙ. ආදරවන්තයො වන්තියො ගොඩක් වෙලාවට පරිසරය ගැන එහෙම නිතරම කථා කරන්නෙ ඒක නිසා වෙන්න ඇති. ඔය සුන්දරත්වය දෙන්නත් එක්ක විඳගන්න එකට තමයි ඉතින් ඔය සමහරු මළ කෝළම් කියල බනින්නෙ. ඒත් ආදරය කරන දෙන්නෙකුට මුළු ලෝකෙම බොහොම සුන්දරව දකින්න පුළුවන්.
ඔය සුන්දරත්වය හැබැයි ඉතින් එක පොඩි දේකින් නැතිකරල දාන්න පුළුවන්. රේල් පාරවල්, මහ මුහුද වගේ තැන් ඒකට ඕනෙ තරම් සාක්ෂි දරනව. ඒ වගේ අවාසනාවන්ත සිද්ධියක පින්තූරයක් පහුගිය දවස් වල මූණු පොතේ සැරිසැරුව. ඒක ටිකක් මෙවන් සුන්දර නවාතැනක පල කරන්න අමාරැ නිසා මම ඒකෙ link එකවත් මේකෙ නොදා ඉන්න හිතුව.
මේ මොනවද මම කියන්නෙ. ම කියන්න හිටියෙ වෙන කථාවක්නෙ. ඔය ආදරේ සුන්දරත්වය මාව ටිකක් මෝල් කෙරුව. ඊයෙ හවස මම ටවුන් එකේ පොඩි රවුමක් ගහන්න ගියා. ඒ අතරෙ තමා මේ සිද්ධිය දැක්කෙ. ඕගොල්ලො දන්නවද ______(දකුණු පළාතෙ ප්‍රධාන නගරෙක නමක්) කුණු ඇල එහෙමත් නැත්නම් මෝඩ ඇල? මෙහේ ජෝඩු ගොඩක් ඔය ඇල අයිනෙ තියෙන පාර (කුණු ඇල පාර) පාවිච්චි කරනව. මම කුණු ඇල පාර දිගේ යනකොට ඊයෙ සාමාන්‍යයෙන් අවුරුදු 16ක් 17ක් විතර වෙන කපල් එකක් ඉස්සරහින් ගියෙ. මේ ජෝඩුව අර කණු ඇලේ ජරාව අස්සෙ යන තඩි කබරගොයෙක් ගැන මෙුළු ලෝකෙම අමතක කරල කථා කරනව. මට ඒ වෙලාවෙ හිතුන මේ ආදරේ කෙච්චර සුන්දරද කියල. ඒත් මේ වගේ පොඩි වයසකදි ආදර සම්බන්ධතා(ඒ කියන්නෙ ලවු ඒව) පටන් ගන්න එක නම් ඒ තරම්ම හොඳ නෑ කියල තමයි මගේ නම් අදහස.
සුන්දර ආදරය විඳින්න. විඳවන්න නම් එපා.....
ආදරයට ආදරය දෙන්න එතකොට මේ ලෝකය ගොඩක් ලස්සන වේවි....
Labels:
ආදර කථා
Subscribe to:
Posts (Atom)