මේ නගරය
මා ඔබ මුණ ගැසුණු නගරයයි...
මේ නගරය
මා ඔබ වෙන් කෙරුණු නගරයයි...
වැව් ඉවුරේ දිය රැළි පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒකාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා...
No comments:
Post a Comment
Comment එකක් දාල මට පුංචි උදවුවක් කරන්න.
ඒක මගේ ඊළඟ ලිපියට ගොඩක් උදවු වේවි.