Monday, November 29, 2010

පරිස්සමින්

ඉස්සර හිටපු කෙල්ලො කොච්චර හොඳද? ඇත්තටම කියනව නම් මේ ටිකනෙ ඉස්සර දාල තියෙන්නෙ.
ඒකට දැන්, 64ට 256ක් විතර තියෙනවනෙ. මොකද දැන් ලෝකෙත් එක්කම කෙල්ලොත් දියුණු වෙලානෙ. අපේ කොල්ලන්ට තමයි ඒකෙනුත් බඩේපාර වදින්නෙ.අනේ මන්ද මෙහෙම ගියොත් එහෙම අපිට පාරෙ බැහැල ගිහිල්ලත් ඉවරයි.

පැතුම

සද නැති දාට
මුළු අහසම පාළුයි

ඔබ නැති දාට
මුළු ලෝකෙම පාළුයි

මට නම් එහෙම
දවසක් එපාමයි

සැමදා මගෙ පැතුම
ඔබෙ ළග හිදීමයි......

ආයාචනාවක්

තාම නෑ මට සිතට නිවනක්
ඔබ එනතුරා මේ මාවෙතේ,
එදා ඔබ ඒ කීව පෙම් බස්
ඇසෙයි කොදුරනු මා සිතේ,
"තිගැස්සෙන ඇස් කථා කර කර,
හැගුම් පවසයි හදවතේ,
ඉතින් එනවද මගේ අත ගෙන,
ළගින් ඉන්නට ජීවිතේ......"

සමාවෙන්න

ඔන්න කාලෙකින්
අද තමා වෙලාවක් ලැබුනෙ.

Wednesday, November 10, 2010

අසම්මතය

තම සිත් උයනේ පිපි මලකි
කිම අන් උයනේ පිපි මල්
තම සිත් බැඳුනේ වෙත
කිම සිත් තැවුලේ

කසාදය

කෝඩුකාර හිතිවිල්ල
දඟකාර හිත එක්ක
හතර අත ඇවිදලා
හති වැටුනු සඳ
දැමූ තහන්චිය
මනමාල හිත් ඉමට....

Monday, November 8, 2010

මේ නගරය

මේ නගරය
මා ඔබ මුණ ගැසුණු නගරයයි...
මේ නගරය
මා ඔබ වෙන් කෙරුණු නගරයයි...

වැව් ඉවුරේ දිය රැළි පෙර සේම බි‍‍ඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සි‍ඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒකාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා...

Sunday, November 7, 2010

_ _ ආදරය....

ඔබත් ආදරවන්තික්ද?
එසේනම් මේ ගැනත් සිතන්න.......


"ආයෙත්
  දස මසක්
  රකින්න‍ට
  යමක්"

This is for to remind you that
"Think twice
Before you done something"

දෙවරක් නොව තෙවරක් හෝ
නිවැරදිව සිතා වැඩ කරන්න

ආදරයෙන් අන්ධ නොවී
සිහියෙන් ආදරය විඳින්න
විඳ වන්න වෙන දේවල්
ගැන කලින්ම සූදානමින් ඉන්න

ආදරය සුන්දර අත්දැකීමක්
එහි ඇති අරුත තේරුම් ගෙන
හදවතින්ම ආලය කරන්න

ආදරණීය හෙටක්!!!!!!!!!!

දන්නවද?

ඔයා දන්නවද ඔයාගෙ ඔය
 හිනාව මගේ දුක් නිවන බව
ඔයා දන්නවද ඔයාගෙ ඔය
 ඇස් දෙක මාව ජීවත් කරන බව
ඔයා දන්නවද ඔයාගෙ ඔය
 වචන මගේ සිත නිවන බව
ඔයා දන්නවද මගේ හිත ඔයාට
 කොච්චරට ආදරේ කරන බව

Saturday, November 6, 2010

==> Love ==> Marriage ==>

Before I met you
 I was like Spider Man

After I met You
 I was Like Super Man

When I Marry You
 I was Like a Gentle Men

After Some Years
 I was Like a Dog-man

Promise

1: I promise to you.
  I Never Look At Girls.

2: I also promise you to
  I'll Never Look At Girls.

1: I Never Look At Girls.

2: I Never Look At Girls.


1: I Never Look At Girls.

2: I Never Look At Girls.

.....................................
.....................................
.....................................

1: I Never Look At Girls.

2: I Never Look At Girls.

1: I Never Loo.... Wow

2: She Is Relay Hot...

හමු වීම

සිත ගැහෙයි
එහෙත් ඔබෙ පහස
අත්හරින්න‍ට
සිත නොදෙයි

සිත නොදනී
කවදා ඔබ යලි
හමු වේදැයි
මම අසමී

සඳ රැජිනි

වැව් තලය රැලි සේල හැඳ බලා සිටීද්දී
පුං‍චි තරු කුමරියන් රහසින් බලද්දී
සඳ රැජින කොහිද මගෙ අහසෙ
සැඟවීද වලා පටින්