Sunday, January 16, 2011

ආදරය හඳුනනවාද?

 ඇත්තටම මේ ක මට හිතුනෙ වීදුරු ගෙවල්............ බ්ගේ තිබිච්ච එක පෝස්ට් එකක් (ඇයි කෙල්ලෝ මෙහෙම කරන්නේ :'( .....(මේ දැන් වුන ඇත්තම ඇත්ත කතාවක්) පෝස්ට් එක මෙතැනින් කියවන්න.) කියෙව්වම. ඇත්තටම කියනව නම් මගේ හිතේ හැටියට මට පූසගෙ යාළුව ගැන බොහොම දුකයි. ආදරය කියන්නෙ බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ හැඟීමක්. ඇත්තටම කියනව නම් හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ. කෙල්ල වැඩේ අතෑරියොත් කොල්ල ඉවරයි. ඒ වගේම කොල්ල අතෑරියොත් කෙල්ල ඉවරයි.

ඒත් තව සමහර පොරවල් ඉන්නව අර නැව ගිලුනත් බෑන්ඩ් චූන්. ඇත්තටම ඒ වගේ ඉන්න එක නම් හොඳයි. ඒත් පොඩි කොස්සක් තියෙනව! ඒ තමයි උන්ට ආදරේ හරියට තේරෙනවද කියල දන්නෙ දෙයියො තමයි. හැබැයි බූට් එකකදි හොඳටම මූණ දෙන්නෙ නම් මේ කොට්ටාෂයෙ කට්ටිය තමයි.

බූට් වැදිච්ච උන් කොච්චර හිටියත් අපි කවදාවත් බූට් වලට හේතු මොනවද කියල නිකමටවත් හිතනවද? නෑ නෙ! ඕක තමයි ලොකුම අවුල. තව දෙයක් අමතක වුනා. එක අතකට බූට් එකක් වදින එක හොඳයි. මොකද ඔක්කොම අමතක කරල එක වහලක් යටට ආවට පස්සෙ එහෙම දෙන්න ගැලපෙන්නෙ නෑ කියල මොකද වෙන්නෙ? සෙනෙහසේ නවාතැන යකාගෙ නවාතැනක් වෙනවමයි. ඒකයි බූට් එක වැඩිය හොඳයි කිවුවෙ. දෙන්න කොච්චර ආදරෙන් හිටියත් අර මොකක්ද අන්නෝන්‍ය අවබෝදෙ(දෙන්න හොඳම දෙන්න ගැන දැනගන්න එක) කියන එක නැත්නං ඉතින් වැඩක් වෙන්නෙ නෑ. එහෙම වුනාම තමයි ඔය කියන්නෙ කලින් දන්නව නම් ...... කියල ඔය කියන්නෙ.

කොහොම හරි මට කියන්න නම් තියෙන්නෙ බඳින්න ඉස්සෙල්ල අනිත් කෙනාව හොඳට අධ්‍යයනය කරන්න. ගොඩක් වෙලාවට තමන් ඉදිරියෙ ඉන්න කෙනාගෙ ඇතුලාන්තය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ආදරයෙන් අන්ධ වුනොත් අපිට ගොඩක් දේවල් මඟහැරිල තමන්ගෙ ආදර වන්තයගෙ හරි වන්තියගෙ ‍හොඳ විතරක් දකීවි. ඒ අන්ධ බව ජීවිත කාලෙම තියා ගත්තොත් නම් හරි.(කරුමෙට එහෙම කරන්න හරි අමාරුයි). ඒක නිසා ආදරයටත් සිමාවක් තියා ගන්න. (ඒක හැබැයි අහස කර ගන්න එපා.)

හොඳට හඳුනනව නම් ඒ දෙන්න වෙන් කරන්න බොහොම අමාරුයි. ඔය සංසාරික බැඳුම් කියල කියන්නෙත් ඒවටම තමා.(සමහර විට ඉස්සෙල්ල ආත්මෙ ඉඳන් අඳුරන නිසාද දන්නෙත් නෑ.) ඔයාලත් සුන්දර සංසාරික ආදරයක් ලැබේවා.



මේක ගැන ඔයාලට හිතෙන දේවල් Comment කරන්න ඒක මගේ මීළඟ ලිපිය ලියද්දි බොහොම උපකාරී වේවි. ස්තූතියි...