Wednesday, November 10, 2010

අසම්මතය

තම සිත් උයනේ පිපි මලකි
කිම අන් උයනේ පිපි මල්
තම සිත් බැඳුනේ වෙත
කිම සිත් තැවුලේ

කසාදය

කෝඩුකාර හිතිවිල්ල
දඟකාර හිත එක්ක
හතර අත ඇවිදලා
හති වැටුනු සඳ
දැමූ තහන්චිය
මනමාල හිත් ඉමට....