Saturday, January 15, 2011

සුන්දරත්වය


ආදරේ කියන්නෙ බොහොම සුන්දර අත්දැකීමක්නෙ. ආදරවන්තයො වන්තියො ගොඩක් වෙලාවට පරිසරය ගැන එහෙම නිතරම කථා කරන්නෙ ඒක නිසා වෙන්න ඇති. ඔය සුන්දරත්වය දෙන්නත් එක්ක විඳගන්න එකට තමයි ඉතින් ඔය සමහරු මළ කෝළම් කියල බනින්නෙ. ඒත් ආදරය කරන දෙන්නෙකුට මුළු ලෝකෙම බොහොම සුන්දරව දකින්න පුළුවන්.

ඔය සුන්දරත්වය හැබැයි ඉතින් එක පොඩි දේකින් නැතිකරල දාන්න පුළුවන්. රේල් පාරවල්, මහ මුහුද වගේ තැන් ඒකට ඕනෙ තරම් සාක්ෂි දරනව. ඒ වගේ අවාසනාවන්ත සිද්ධියක පින්තූරයක් පහුගිය දවස් වල මූණු පොතේ සැරිසැරුව. ඒක ටිකක් මෙවන් සුන්දර නවාතැනක පල කරන්න අමාරැ නිසා මම ඒකෙ link එකවත් මේකෙ නොදා ඉන්න හිතුව.

මේ මොනවද මම කියන්නෙ. ම කියන්න හිටියෙ වෙන කථාවක්නෙ. ඔය ආදරේ සුන්දරත්වය මාව ටිකක් මෝල් කෙරුව. ඊයෙ හවස මම ටවුන් එකේ පොඩි රවුමක් ගහන්න ගියා. ඒ අතරෙ තමා මේ සිද්ධිය දැක්කෙ. ඕගොල්ලො දන්නවද ______(දකුණු පළාතෙ ප්‍රධාන නගරෙක නමක්) කුණු ඇල එහෙමත් නැත්නම් මෝඩ ඇල? මෙහේ ජෝඩු ගොඩක් ඔය ඇල අයිනෙ තියෙන පාර (කුණු ඇල පාර) පාවිච්චි කරනව. මම කුණු ඇල පාර දිගේ යනකොට ඊයෙ සාමාන්‍යයෙන් අවුරුදු 16ක් 17ක් විතර වෙන කපල් එකක් ඉස්සරහින් ගියෙ. මේ ජෝඩුව අර කණු ඇලේ ජරාව අස්සෙ යන තඩි කබරගොයෙක් ගැන මෙුළු ලෝකෙම අමතක කරල කථා කරනව. මට ඒ වෙලාවෙ හිතුන මේ ආදරේ කෙච්චර සුන්දරද කියල. ඒත් මේ වගේ පොඩි වයසකදි ආදර සම්බන්ධතා(ඒ කියන්නෙ ලවු ඒව) පටන් ගන්න එක නම් ඒ තරම්ම හොඳ නෑ කියල තමයි මගේ නම් අදහස.

සුන්දර ආදරය විඳින්න. විඳවන්න නම් එපා.....
ආදරයට ආදරය දෙන්න එතකොට මේ ලෝකය ගොඩක් ලස්සන වේවි....