Friday, December 31, 2010

සුබ අළුත් අවුරුද්දක් වේවා!

2010 අවුරුද්ද අදින් අවසන් වෙනව..

හෙටින් 2011 නව වසර ඇරඹෙනව...

මේ උදාවන නව වසර ආදරය,
කරුණාව,
දයාව,
සැම අත පැතිර යන්නා වූ

සුබම සුබ නව වසරක්!

වේවා කියල ආදරයේ සොදුරු නවාතැනින්
පැතුම් එක් කරමි......

ආදරයේ සහ ප්‍රේමයේ සැබෑ අරුත පැතිරේවා!!!!!!!!

වස්සානය ඇවිත්

සද හිරු තරු
හෙමින් හෙමින්
මට ඉගි බිගි කරයි
හමන සුළග
සෑරින් සෑරේ
මුමුණ මුමුණ යයි
නුඹේ සෙනෙහෙ
හොරෙන් හොරෙන්
මගෙ හද කිති කවයි
වස්සානය ආයේ ඈවිත්
ගිම්හානය කියයි....

Tuesday, December 7, 2010

AL

අද මගේ උසස් පෙල ප්‍රතිඵල ආව
රසායන විද්‍යව -  B
භෞතික විද්‍යව -B
සංයුක්ත ගණිතය - S

ඔන්න ඕකයි සිද්ධ වුනේ අන්තිමට

ඕක මගේ දෛවය වෙන්න ඇති
තුන් පාරම එකම විදියෙ ඒව ආවෙ
ඒක නිසා වෙන්න පුළුවන්...

බලමු
අපි එන විදියට මූණ දෙමු...

Sunday, December 5, 2010

මල් මත

මල් පෙති අග සුරඟනන්
ලියූ කවි පද අතර
කලකින් නුදුටිමි
ඔබේ රුව මල් අතර
වදන් නොමැතිව වනන්නට
ඔබේ රුව සුරඟනන්
නැත ලියන්නේ
තවත් කවි පද

Saturday, December 4, 2010

සිහිනය

හමා ගිය මඳ පවන
ගෙනා සුවඳ මම
හොඳින් හඳුනන ඒ
ඔබේ සුවඳමය
එහෙත්,
ඔබ මා හැර ගිය
ඒ දින වීද සිහිනයක්
නැත
මෙයයි සිහිනය
එයයි සත්‍ය
හැරුණු දෙනෙතින්
දුටුව ලොව තුල
නොවේ ඔබ මා ළඟ
දැනුණි මට සිහිනෙන්
තවත් මට නොදැනෙනා
ඔබෙ සුවඳ...........

ඊයෙ දෙසැම්බර් 3

ඊයෙ දෙසැම්බර් 3
ඊයෙ තමයි ලෝක අබාධ සහිත වූවන් වෙනුවෙන් වෙන් වූ දිනය.

අපි කොච්චර නම් කියල අපිට නොලැබීගිය දේවල් ගැන හිතල දුක් වෙනවද?
මෙන්න මේ වීඩියෝ දර්ශන ටික ඉස්සෙල්ලම බලන්න.

නැරඹීම සදහා පහත යොමු මත Click කරන්න.

මේවා බලන විට ඇත්තටම අපිට නැත්තෙ මොනවද කියල හිතෙන්නෙ නැද්ද?
අපි ඉස්සර ඉදලම පුරුදු වෙලා තියෙන්නෙ අපිට නැති දේවල් ඉල්ලන්න විතරයි. මේ අයත් තමන් ට අහිමි දේවල් ගැන අනන්ත අඩන්න ඇති, කල්පනා කරන්න ඇති. තවමත් දුක් වෙනව ඇති. මට හරියටම කියන්න දන්නෙ නැතත් ආබාදිත අය නිතරම අන් අය ඉදිරියේ තමන්ගෙ අසරණ බව දකින/තේරෙන විට කොපමණ දුකක් වේදනාවක් ඇති වෙනව ඇතිද? ඔබත් මේ ගැන ටිකක් හිතල බලන්න. නමුත් ඔබට සමහර විට ඔවුන් බොහෝ සතුටින් ජීවිතය ගෙවන බවක් පෙනේවි. ඒත් සත්‍ය සැගවීඇත්තේ ඔවුන්ගේ සිත් තුලමය.

බොහොමයක් ආබාදිත පුද්ගලයන් ආබාදිත නොවන අයට පවා අපහසු දේ තනිවමම කරනු ඔබලාත් දැක ඇතැයි හිතනව. නමුත් ඒවට ඔවුන් පෙළඹීමට හේතුව කුමක්ද කියල නිකමටවත් හිතුවද? ඔවුන් කැමති නෑ ඔවුන් දුර්වලයි හරි අන් අයගෙ උදව්වක් නැතිව ජීවත් වෙන්න අමාරුයි කියල හිතන්න, මොකද ඒක ඒ අයට දරන්න අමාරු ලොකු දුකක්. ඒකෙන් මම කියන්නෙ නෑ අපි අබාධිතයන්ට උපකාර කරන්න එපා කියල එහෙම. අපි ඒගොල්ලන්ට දෙන්න ඕනෙ ඒ අය අපෙන් බලාපොරොත්තු වෙන උදවු, ඒව ඉතින් මෙන්න මේව කියල කියන්න බැරි වුනත් තමන්ට හිතෙනව නම් මේක කරල දෙන්න ඕනෙ කියල අන්න ඒ දේ කරන්න.

ඒ වගේම තමයි ඒ අය ගොඩක්ම සමාජයෙන් බලාපොරොත්තු වෙන දේ තමයි ආදරය. අනිත් මොන දේ නැති වුනත් ආදරය තියෙන තැන සතුට සහ සිනහව රජ කරනව. ඒ වගේ තමයි අදරය හමුවේදි ඔවුන්ටත් ඇත්තටම තමන්ගෙ දුක් අමතක වෙනව. මේක මගේ පුංචි අයාචනයක්, අබාදිත අයට තමන්ගේ ආදරය කරුණාව දක්වන්න. කවම දාකදීවත් ඔවුන් තනි කරන්න එපා. ඒවගේම තවත් දෙයක් තියෙනව. ඒ තමා ඔවුන් සමග කථා කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ, මොකද අපේ එකම එක වචනයකින් ඔහුගේ හෝ ඇයගේ මුළු සතුටම නැතිවී යා හැකි නිසා.

අබාධි සහිත වූවන් කෙරේ අපගේ ආදරය සෙනෙහස දක්වමු.
ලස්සන ලෝකයක් සැමටම උරුම කරමු.

Thursday, December 2, 2010

Promise

Give all happy to you
Take all tears from you
Share all with you
Be with you in all Good & Bad
I Like To Be Walk All The
Life Beside You!
I'm the partner of your
whole life dear........

Wednesday, December 1, 2010

කුරිරු ලොව

සිත් මල් යාෙය්
ඈත එපිට තැනෙක
ලොවටම හොරෙන්
මෝදු වී ආ ඒ
පුංචි ආදර මල් කැකුල
දැන් ඇත මගේම වී.

ඒත්,
ඇයි මේ ලොවමෙතරම්
කුරිරු වී ඇයි මට
අහිමි කරන්නට,
සදා මා සිහින ලොව
මල් රැජින...
මිලින විය
මා අභියසම

My Love - Westlife

An empty street
An empty house
A hole inside my heart
I'm all alone and the rooms are getting smaller
I wonder how, I wonder why
I wonder where they are
The days we had, the songs we sang together
And oh my love
I'm holding on forever
Reaching for a love that seem so far
Chorus:
So I say a little prayer
And hope my dreams will take me there
Where the skies are blue
To see you once again, my love
Overseas from coast to coast
To find the place I love the most
Where the fields are green
To see you once again, my love
I try to read
I go to work
I'm laughing with my friends
But I can't stop to keep myself from thinking
I wonder how, I wonder why
I wonder where they are
The days we had, the songs we sang together
And oh my love
I'm holding on forever
Reaching for a love that seem so far
Repeat chorus
To hold you in my arms
To promise you my love
To tell you from the heart
You're all I'm thinking of
I'm reaching for a love seem so far
Repeat chorus

Monday, November 29, 2010

පරිස්සමින්

ඉස්සර හිටපු කෙල්ලො කොච්චර හොඳද? ඇත්තටම කියනව නම් මේ ටිකනෙ ඉස්සර දාල තියෙන්නෙ.
ඒකට දැන්, 64ට 256ක් විතර තියෙනවනෙ. මොකද දැන් ලෝකෙත් එක්කම කෙල්ලොත් දියුණු වෙලානෙ. අපේ කොල්ලන්ට තමයි ඒකෙනුත් බඩේපාර වදින්නෙ.අනේ මන්ද මෙහෙම ගියොත් එහෙම අපිට පාරෙ බැහැල ගිහිල්ලත් ඉවරයි.

පැතුම

සද නැති දාට
මුළු අහසම පාළුයි

ඔබ නැති දාට
මුළු ලෝකෙම පාළුයි

මට නම් එහෙම
දවසක් එපාමයි

සැමදා මගෙ පැතුම
ඔබෙ ළග හිදීමයි......

ආයාචනාවක්

තාම නෑ මට සිතට නිවනක්
ඔබ එනතුරා මේ මාවෙතේ,
එදා ඔබ ඒ කීව පෙම් බස්
ඇසෙයි කොදුරනු මා සිතේ,
"තිගැස්සෙන ඇස් කථා කර කර,
හැගුම් පවසයි හදවතේ,
ඉතින් එනවද මගේ අත ගෙන,
ළගින් ඉන්නට ජීවිතේ......"

සමාවෙන්න

ඔන්න කාලෙකින්
අද තමා වෙලාවක් ලැබුනෙ.

Wednesday, November 10, 2010

අසම්මතය

තම සිත් උයනේ පිපි මලකි
කිම අන් උයනේ පිපි මල්
තම සිත් බැඳුනේ වෙත
කිම සිත් තැවුලේ

කසාදය

කෝඩුකාර හිතිවිල්ල
දඟකාර හිත එක්ක
හතර අත ඇවිදලා
හති වැටුනු සඳ
දැමූ තහන්චිය
මනමාල හිත් ඉමට....

Monday, November 8, 2010

මේ නගරය

මේ නගරය
මා ඔබ මුණ ගැසුණු නගරයයි...
මේ නගරය
මා ඔබ වෙන් කෙරුණු නගරයයි...

වැව් ඉවුරේ දිය රැළි පෙර සේම බි‍‍ඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සි‍ඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒකාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා...

Sunday, November 7, 2010

_ _ ආදරය....

ඔබත් ආදරවන්තික්ද?
එසේනම් මේ ගැනත් සිතන්න.......


"ආයෙත්
  දස මසක්
  රකින්න‍ට
  යමක්"

This is for to remind you that
"Think twice
Before you done something"

දෙවරක් නොව තෙවරක් හෝ
නිවැරදිව සිතා වැඩ කරන්න

ආදරයෙන් අන්ධ නොවී
සිහියෙන් ආදරය විඳින්න
විඳ වන්න වෙන දේවල්
ගැන කලින්ම සූදානමින් ඉන්න

ආදරය සුන්දර අත්දැකීමක්
එහි ඇති අරුත තේරුම් ගෙන
හදවතින්ම ආලය කරන්න

ආදරණීය හෙටක්!!!!!!!!!!

දන්නවද?

ඔයා දන්නවද ඔයාගෙ ඔය
 හිනාව මගේ දුක් නිවන බව
ඔයා දන්නවද ඔයාගෙ ඔය
 ඇස් දෙක මාව ජීවත් කරන බව
ඔයා දන්නවද ඔයාගෙ ඔය
 වචන මගේ සිත නිවන බව
ඔයා දන්නවද මගේ හිත ඔයාට
 කොච්චරට ආදරේ කරන බව

Saturday, November 6, 2010

==> Love ==> Marriage ==>

Before I met you
 I was like Spider Man

After I met You
 I was Like Super Man

When I Marry You
 I was Like a Gentle Men

After Some Years
 I was Like a Dog-man

Promise

1: I promise to you.
  I Never Look At Girls.

2: I also promise you to
  I'll Never Look At Girls.

1: I Never Look At Girls.

2: I Never Look At Girls.


1: I Never Look At Girls.

2: I Never Look At Girls.

.....................................
.....................................
.....................................

1: I Never Look At Girls.

2: I Never Look At Girls.

1: I Never Loo.... Wow

2: She Is Relay Hot...

හමු වීම

සිත ගැහෙයි
එහෙත් ඔබෙ පහස
අත්හරින්න‍ට
සිත නොදෙයි

සිත නොදනී
කවදා ඔබ යලි
හමු වේදැයි
මම අසමී

සඳ රැජිනි

වැව් තලය රැලි සේල හැඳ බලා සිටීද්දී
පුං‍චි තරු කුමරියන් රහසින් බලද්දී
සඳ රැජින කොහිද මගෙ අහසෙ
සැඟවීද වලා පටින්