Saturday, December 4, 2010

සිහිනය

හමා ගිය මඳ පවන
ගෙනා සුවඳ මම
හොඳින් හඳුනන ඒ
ඔබේ සුවඳමය
එහෙත්,
ඔබ මා හැර ගිය
ඒ දින වීද සිහිනයක්
නැත
මෙයයි සිහිනය
එයයි සත්‍ය
හැරුණු දෙනෙතින්
දුටුව ලොව තුල
නොවේ ඔබ මා ළඟ
දැනුණි මට සිහිනෙන්
තවත් මට නොදැනෙනා
ඔබෙ සුවඳ...........

ඊයෙ දෙසැම්බර් 3

ඊයෙ දෙසැම්බර් 3
ඊයෙ තමයි ලෝක අබාධ සහිත වූවන් වෙනුවෙන් වෙන් වූ දිනය.

අපි කොච්චර නම් කියල අපිට නොලැබීගිය දේවල් ගැන හිතල දුක් වෙනවද?
මෙන්න මේ වීඩියෝ දර්ශන ටික ඉස්සෙල්ලම බලන්න.

නැරඹීම සදහා පහත යොමු මත Click කරන්න.

මේවා බලන විට ඇත්තටම අපිට නැත්තෙ මොනවද කියල හිතෙන්නෙ නැද්ද?
අපි ඉස්සර ඉදලම පුරුදු වෙලා තියෙන්නෙ අපිට නැති දේවල් ඉල්ලන්න විතරයි. මේ අයත් තමන් ට අහිමි දේවල් ගැන අනන්ත අඩන්න ඇති, කල්පනා කරන්න ඇති. තවමත් දුක් වෙනව ඇති. මට හරියටම කියන්න දන්නෙ නැතත් ආබාදිත අය නිතරම අන් අය ඉදිරියේ තමන්ගෙ අසරණ බව දකින/තේරෙන විට කොපමණ දුකක් වේදනාවක් ඇති වෙනව ඇතිද? ඔබත් මේ ගැන ටිකක් හිතල බලන්න. නමුත් ඔබට සමහර විට ඔවුන් බොහෝ සතුටින් ජීවිතය ගෙවන බවක් පෙනේවි. ඒත් සත්‍ය සැගවීඇත්තේ ඔවුන්ගේ සිත් තුලමය.

බොහොමයක් ආබාදිත පුද්ගලයන් ආබාදිත නොවන අයට පවා අපහසු දේ තනිවමම කරනු ඔබලාත් දැක ඇතැයි හිතනව. නමුත් ඒවට ඔවුන් පෙළඹීමට හේතුව කුමක්ද කියල නිකමටවත් හිතුවද? ඔවුන් කැමති නෑ ඔවුන් දුර්වලයි හරි අන් අයගෙ උදව්වක් නැතිව ජීවත් වෙන්න අමාරුයි කියල හිතන්න, මොකද ඒක ඒ අයට දරන්න අමාරු ලොකු දුකක්. ඒකෙන් මම කියන්නෙ නෑ අපි අබාධිතයන්ට උපකාර කරන්න එපා කියල එහෙම. අපි ඒගොල්ලන්ට දෙන්න ඕනෙ ඒ අය අපෙන් බලාපොරොත්තු වෙන උදවු, ඒව ඉතින් මෙන්න මේව කියල කියන්න බැරි වුනත් තමන්ට හිතෙනව නම් මේක කරල දෙන්න ඕනෙ කියල අන්න ඒ දේ කරන්න.

ඒ වගේම තමයි ඒ අය ගොඩක්ම සමාජයෙන් බලාපොරොත්තු වෙන දේ තමයි ආදරය. අනිත් මොන දේ නැති වුනත් ආදරය තියෙන තැන සතුට සහ සිනහව රජ කරනව. ඒ වගේ තමයි අදරය හමුවේදි ඔවුන්ටත් ඇත්තටම තමන්ගෙ දුක් අමතක වෙනව. මේක මගේ පුංචි අයාචනයක්, අබාදිත අයට තමන්ගේ ආදරය කරුණාව දක්වන්න. කවම දාකදීවත් ඔවුන් තනි කරන්න එපා. ඒවගේම තවත් දෙයක් තියෙනව. ඒ තමා ඔවුන් සමග කථා කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ, මොකද අපේ එකම එක වචනයකින් ඔහුගේ හෝ ඇයගේ මුළු සතුටම නැතිවී යා හැකි නිසා.

අබාධි සහිත වූවන් කෙරේ අපගේ ආදරය සෙනෙහස දක්වමු.
ලස්සන ලෝකයක් සැමටම උරුම කරමු.