Monday, November 8, 2010

මේ නගරය

මේ නගරය
මා ඔබ මුණ ගැසුණු නගරයයි...
මේ නගරය
මා ඔබ වෙන් කෙරුණු නගරයයි...

වැව් ඉවුරේ දිය රැළි පෙර සේම බි‍‍ඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සි‍ඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒකාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා...

Sunday, November 7, 2010

_ _ ආදරය....

ඔබත් ආදරවන්තික්ද?
එසේනම් මේ ගැනත් සිතන්න.......


"ආයෙත්
  දස මසක්
  රකින්න‍ට
  යමක්"

This is for to remind you that
"Think twice
Before you done something"

දෙවරක් නොව තෙවරක් හෝ
නිවැරදිව සිතා වැඩ කරන්න

ආදරයෙන් අන්ධ නොවී
සිහියෙන් ආදරය විඳින්න
විඳ වන්න වෙන දේවල්
ගැන කලින්ම සූදානමින් ඉන්න

ආදරය සුන්දර අත්දැකීමක්
එහි ඇති අරුත තේරුම් ගෙන
හදවතින්ම ආලය කරන්න

ආදරණීය හෙටක්!!!!!!!!!!